මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි

Thursday, 09 July 2020 - 17:03

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+24+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 93,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ.

කොරෝනා වසංගතයත් සමඟ රට තුළට රත්‍රං ආනයනය කිරීමේ අපහසුතා හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

හෙට්ටිවීදිය ඇතුළු රත්‍රං ආශ්‍රිත කර්මාන්තයේ යෙදෙන වෙළඳසැල් වලින් අප කළ විමසීමකදී සඳහන් කළේ රන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේ වනවිට රත්‍රං හිඟයක් ද පවතින බවයි.

ඉදිරියේදී කැරට් 22 ක රන් පවුමක මිලද තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කළේ.