හොංකොං වැසියන්ට ඕස්ට්‍රේලියාවෙන් සහාය

Thursday, 09 July 2020 - 18:14

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ඕස්ට්‍රේලියාව තුළ නව ජිවිතයක් ආරම්භ කිරීම සඳහා හොංකොං වැසියන්ට සහය වීමට අවශ්‍ය පියවර ගන්නා බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ චීන රජය හොංකොං හි නව ජාතික ආරක්ෂක නීති පැනවීමෙන් අනතුරුවයි.

ඒ අනුව, හොංකොං සැකකරුවන්  ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම ද අත්හිටුවා ඇති අතර,  ඕස්ට්‍රේලියාව තුළ රැදී සිටින හොංකොං පුරවැසියන්ට තවදුරටත් එරට රැදී සිටීමට සහය වන පරිදි වීසා ක්‍රමවේදයක් සකස් කිරීමට ද  ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, අධ්‍යාපනික වීසා සහිතව  ඕස්ට්‍රේලියාවේ රැදී සිටින හොංකොං සිසුන්ට වසර 5 ක කාලයක් එරට රැදී සිටීමටත්, ඉන් පසුව ස්ථිර පදිංචිය සඳහා ඉල්ලූම් කිරීමටත් අවස්ථාව ලබාදීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.