මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට

Thursday, 09 July 2020 - 18:59

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවූ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා අද(09) නිරීක්ෂණය කරනු ලබුවා.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසූවේ සුගන්දිරපුරම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක, ඉඩම් හිමියා වගා කටයුතු සඳහා ඉඩම සකස් කරමින් සිටින අවස්ථාවේ අදාළ අස්ථි කොටස් දැක පසුගිය 05 වැනිදා පොලීසිය දැනුවත් කළ බවයි.

ඉඩම් අයිතිකරුගේ දැනුම්දීම මත පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කොට ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරතිබුණා.

අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් අද සිදුකළ අතර, අදාළ ස්ථානය කිලිනොච්චිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ මුලිකත්වය යටතේ එළැඹෙන 14 වැනිදා කැනීම් සිදුකරන ලෙසට  මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මීට පෙර අවස්ථාවකදීද මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබි අස්ථි කොටස් කිහිපයක් හමුවු අතර, අදාළ අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂා කිරීමට මුලතිව්ම හේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය මහ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කෙරුනා.

සිදුවීම සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් (වීඩියෝ)
Monday, 03 August 2020 - 15:28

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More