යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි

Thursday, 09 July 2020 - 19:31

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්නාරම ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.

“මහ මැතිවරණයක් පැවැත්වෙන මේ අවස්ථාවේ රටේ ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ සමඟම මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමටයි වැඩි ඉඩකඩක් තියෙන්නේ.ඔවුන් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ලබාගනිවී. තුනෙන් දෙකක බලයක් ගැන ඔවුන් කතා කළත්, අපි විශ්වාස කරනවා මන්ත්‍රී ධූර 120 ක් හෝ 130 ක් වැනි ප්‍රමාණයක් ලබා ගනිවී කියලා. ඒත් එයාලා 19 වැනි සංශෝධනය අහෝසි කරන්න හදනවා වගේ, එයාලගේ කණ්ඩායමේ ඉන්න විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පවසන ආකාරයට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න අමාරු වෙයි. මොකද ඒකට ඉන්දියාවෙන් ඉඩ ලැබෙන එකක් නැහැ.”