ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට (වීඩියෝ)

Thursday, 09 July 2020 - 19:39

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස මට්ටක්කුලියේ ජනතාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා.

ඒ, මට්ටක්කුලිය - කාක දූපතේ පැවති ජනහමුවකට එක්වූ අවස්ථාවේදීයි.

ඉතිරිව ඇති පැල්පත් ඉවත් කර නිවාස ඉදිකර දෙන්නැයි මෙහිදී ජනතාව ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයා අද කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැවති ජනහමුවලට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ තවත් ජනහමුවක් විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය ඉදිරිපිටදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.

කඩුවෙල ආසනයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සංවිධාන කළ පැලවත්ත - බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ජනහමුවට පැමිණි ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද පස්වරුවේ බත්තරමුල්ල දියත උයනේ පැවති ජන හමුවට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා ද එක්වුණා.