සහන ජනතාවගේ අතට - සජිත් (වීඩියෝ)

Thursday, 09 July 2020 - 19:57

%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම සිදුකරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල - වීරඹුගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.
 
මේ අතර ,වත්මන් ආණ්ඩුව විසින් රජයේ සේවකයින්ගේ සහ රණවිරුවන්ගේ සියලු දීමනා, කප්පාදු කර ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තම ආණ්ඩුවක් යටතේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එම දීමනා ලබා දෙන බවයි යාපහුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ .