රහස් පොලිසිය බදියුදීන්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි (වීඩියෝ)

Thursday, 09 July 2020 - 20:08

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

පෙරවරු 10 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, රාත්‍රි 08 ට පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  පැමිණියා.

ඔවුන් පැය 09 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගිය බවයි එහි රැඳී සිටි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.