අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ (වීඩියෝ)

Thursday, 09 July 2020 - 20:24

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+07%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුට අයත් වාහන 07 ක් මීරිගම සහ පල්ලෙවෙල යන ප්‍රදේශවලින් පොලිසිය සොයාගෙන තිබෙනවා.

විශාල ප්‍රමාණයේ ලොරි රථ 04 ක්, වෑන් රථ දෙකක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ඊට අයත් වනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලද තොරතුරකට අනුවයි පොලිසිය මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් සැරයන්වරයෙකුට ඒවා අයත් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අදාළ ලොරි රථ සහ වෑන් රථ පෞද්ගලික ආයතන වෙත කුලී පදනම යටතේ ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙම සියලූම වාහන පල්ලෙවෙල - බාඳුරාගොඩ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබාදී තිබියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

වෑන් රථ දෙක අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතියෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව ද අනාවරණ වී ඇති කරුණක්.  

අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩුභාණ්ඩ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ ලබාදුන් නියෝගයකට අනුවයි.


තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න
Monday, 03 August 2020 - 16:59

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දහඅට ලක්ෂය ඉක්මවයි
Monday, 03 August 2020 - 16:53

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 52,972ක්... Read More