ආසියානු කුසලානය, ලබන වසරේදී ශ්‍රී ලංකාවේ

Thursday, 09 July 2020 - 20:50

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා කල් දමන ලද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් සම්මේලනය නිවේදනය කළා.

අද පැවති එහි රැස්වීමකදී මෙම තීරණයට එළඹුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන්  කළේ.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ පාකිස්තානයටයි.

එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදුවුණා.

ඒ අනුව ලබන වසරේ තරගාවලිය ශ්‍රී ලංකාවට හිමිවීම හේතුවෙන් 2022 වසරේ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වනු ඇති.

ලබන වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය, විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර ඊට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක් සහභාගි වනු ඇති.