තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනෙකු වාර්තාවෙයි

Friday, 10 July 2020 - 17:38

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+87+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිත 87 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2437 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙම නව ආසාදිතයන් 87 දෙනා කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

අද දිනයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 283ක් බවයි සඳහන් වන්නේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

එම මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ කටයුතු මේවන විටත් සිදු කෙරෙමින් පවතින අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එහි තවදුරටත් ආසාදියන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම්කරන බවයි.

එමෙන්ම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පුනරුත්තාපනය අවසන් කර නිවෙස් වෙත පිටත්කළ රැඳවියන් හා ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීම සහ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර නාත්තන්ඩිය - කොට්රාමුල්ල ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත 27 හැවිරිදි තරුණියගේ මව, පියා, ඇතුළු ආශ්‍රිත පවුල් 10 ක 40 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔවුන් ඉදිරියේදී PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.

කොවිඩ් 19 ආසාදිත අදාළ තරුණිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සොවය කරන්නියක වන අතර ඇය නිවාඩු ලබා නිවසට ගොස් තිබුණේ පසුගිය 28 වැනිදායි.

නිවසට පැමිණීමේදී ඇය පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

නිවසට පැමිණීමෙන් පසු උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ මෙතුවීම හේතුවෙන් ඇය නිවස ආසන්නයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර අනතුරුව රෝග ලක්ෂණ පහව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ආසාදිත බවට පසුගියදා වාර්තා වීමත් සමඟ එහි කාර්ය මණ්ඩලය ද පරීක්ෂණවලට භාජනය කළා.

අදාළ තරුණිය කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැණුනේ එම පරීක්ෂණවලදීයි.

ඒ අනුව නිවාඩු ලබා ගොස් සිටින කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවන් 8 දෙනෙකු යළි ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශය විසින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා පවත්වාගෙන යනු ලබන පුනරුත්තාපන හා
ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකවනවා. අක්කර 70ක ප්‍ර දේශයක් පුරා ව්‍යාප්තවී තිබෙන පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 472 දෙනෙකු සිටන අතර සේවය නිරත නිලධාරීන් සහ ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 204 ක්.

මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදියන් සඳහා ප්‍රතිකාර කිරීමට, ඒ ආසන්නයේම පිහිටුවා තිබෙන කන්දකාඩු නිරෝධයන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන සමඟින් එක්වෙමින් ඔහු සඳහන් කළේ කොවිඩ් 19 වෛරසය සමාජය තුළ ව්‍යාප්තවීම වළක්වාගැනීම සඳහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.