නිරුවත් සහ අසභ්‍ය 'ටික් ටොක්' වීඩියෝ මිලියන 49ක් ගැන එම සමාගම හදිසියේම ගත් තීරණය මෙන්න

Friday, 10 July 2020 - 18:44

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA++%27%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%27+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+49%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
'ටික් ටොක්' හිමි සමාගම විසින් අසභ්‍ය ලෙස එයට එක්කර තිබූ වීඩියෝ මිලියන 49ක් මකා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

චීනයේ පිහිටුවා ඇති අදාළ සමාගම නිවේදනය කර ඇත්තේ 2019 වසරේ ජුලි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සිය ආයතනික නීති උල්ලංඝනය කරමින් එක්කර තිබූ වීඩියෝ දැවැන්ත ප්‍රමාණයක් මෙලෙස මකා දැමීමට පියවර ගෙන ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් අදාළ නිවේදනයෙන් පෙන්වාදෙන්නේ මෙලෙස මකා දැමූ වීඩියෝ මිලියන 49 අතරින් හතරෙන් එකක ප්‍රමානයක් නිරුවත් හෝ අසභ්‍ය ක්‍රියාකාරකම් අන්තර්ගත ඒවා බවයි.

මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පියවරක් ලෙස සඳහන් කරමින් මේ වනවිටත් එම යෙදවුම ඉන්දියාව තුළ භාවිත කිරීම මේ වනවිටත් තහනම් කර තිබෙනවා.

මේ අතර පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් maik pompeo ප්‍රකාශ කළේ 'ටික් ටොක්' යෙදවුම භාගත කිරීමෙන් එම පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු චීන කොමියුනිස්ට් පක්ෂය අතට පත්වීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ 'ටික් ටොක්' සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස වීඩියෝ දත්ත මකා දැමීම සඳහා චීන ආණ්ඩුවෙන් හෝ එරට පොලිසියෙන් කිසිදු ඉල්ලීමක් නොලද බවයි.