තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තාවෙයි

Friday, 10 July 2020 - 19:06

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2447 දක්වා ඉහළගොස් ඇතිබව සෞඛ්‍ය ආමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එම ආසාදිතයන් අතරින් 09 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා පාකිස්තානයේ සිට පැමිණි අයෙක්.

ඒ අනුව අද දිනයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 293ක් බවයි සඳහන් වන්නේ.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදනය වීමෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ඒ අනුව 456 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

පූර්ණ සුවය ලබා පිටවගොස් ඇති සංඛ්‍යාව 1980ක්.