තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවෙයි

Friday, 10 July 2020 - 19:53

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2450 දක්වා ඉහළගොස් තිබෙනවා.

එම ආසාදිතයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද දිනයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 296ක් බවයි සඳහන් වන්නේ.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදනය වීමෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ඒ අනුව 459ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

පූර්ණ සුවය ලබා පිටවගොස් ඇති සංඛ්‍යාව 1980ක්.