අඟුලානේ සිද්ධිය ගැන විශේෂ පොලිස් විමර්ශනයක් - වෙඩි තැබූ නිලධාරියා වැරදි නම් නීතිමය සහ විනය පියවර (වීඩියෝ)

Saturday, 11 July 2020 - 13:13

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මොරටුව - ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සිදුවීමේදී සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගෙන් වරදක් සිදුව ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය සහ විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඊයේ රාත්‍රී 12.25 ට පමණ රාත්‍රී ජංගම පොලිස් මුර සංචාරයේ නිරතවූ අඟුලාන පොලීසියේ නිලධාරීන් තුන්දෙනෙකු විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා ත්‍රිරෝද රථ දෙකක් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පොලිස් රාජකාරියට බාධා කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පැමිණි එක් ත්‍රිරෝද රථයක ආදායම් බලපත්‍ර නොමැති බවට පොලීසිය දන්වා ඇති අතර, පසුව ඔවුන් ළඟ මත්ද්‍රව්‍ය ඇත්දැයි පොලීසිය විමසීමත් සමඟයි මෙම බහින්බස්වීම දුරදිග ගොස් ඇත්තේ.

පොලීසිය සදහන් කළේ ත්‍රිරෝද රථයේ පැමිණි එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මොවුන් ධීවරයන් පිරිසක් වන අතර, රාත්‍රියේ රැකියාවට යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් කළහකාරීව පොලීසියට පහරදීමට උත්සාහ ගෙන ඇති අතර පසුව අඟුලාන පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ආරක්ෂාව යොදා තිබුණා.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More