රංගජීවගෙන් මාධ්‍යවේදියාට වූ තර්ජනය ගැන, පාර්ශව රැසකින් විරෝධය (වීඩියෝ)

Saturday, 11 July 2020 - 13:15

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව විසින් ඊයේ පෙරවරුවේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර බලපෑම් එල්ල කළ සිද්ධිය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වී කටයුතු කරන බවයි.

අදාළ ඡායාරූප මාධ්‍යවේදියා පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ ඔහුගේ ඡායාරූපයක් ලබා ගෙන තිබෙනවා.

එහිදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව එම මාධ්‍යවේදියාගේ කමිසයෙන් ඇදගෙන අධිකරණ පරිශ්‍රයේ පිහිටි පොලිස් මුරපොල වෙත රැගෙන ගියා.

එම මාධ්‍යවේදියා අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි පොලිස් මුරපොලට සහ කොළඹ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More