ඇමරිකාවෙන් ඉන්දියාවට ප්‍රහාරක හෙලිකොප්ටර්

Saturday, 11 July 2020 - 13:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A
චීනය සමඟ දේශසීමා අර්බුදයකට පැටලී සිටින ඉන්දියාවට ඇමරිකාවෙන් නව ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පෙළක් ලබාදී තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව වෙත ඇමරිකානු බෝයිං සමාගමෙන් ඇපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 22ක් සහ චිනූක් වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යානා 15ක් ලබාදී ඇති අතර, ඒවා දේශසීමා ප්‍රදේශවල මේ වනවිටත් සේවයේ යොදවා ඇති බව සඳහන්.

ඇපාචි ලොව වඩාත් නවීනතම බහු කාර්ය හමුදාමය හෙලිකොප්ටර් යානාව ලෙස සැලකෙන අතර, එම යානා ලබාදී ඇති රටවල් 17ට ඉන්දියාව ද ඇතුළත්.

පසුගිය වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉන්දීය චාරිකාවේදී ඇපාචි හෙලිකොප්ටර් ලබාදීමේ ගිවිසුමට එළඹුණු අතර, දෙරට අතර, වාර්ෂික යුද උපකරණ වෙළඳ පිරිවැටුම ඩොලර් බිලියන 18කට අධිකයි.