නියොමාල් රංගජීව මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම ගැන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

Saturday, 11 July 2020 - 13:47

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අලුත්කඬේ - උසාවි සංකීර්ණ පරිශ්‍රයේදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඊයේ අදාළ මාධ්‍යවේදියා අධිකරණ භූමියේදී නියොමාල් රංගජීවගේ ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ඔහු මාධ්‍යවේදියාගේ කමිසයෙන් ඇදගෙන ගොස් අධිකරණ පරිශ්‍රයේ පිහිටි පොලිස් මුරපොළ වෙත භාර දෙනු ලැබුවා.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි පොලිස් මුරපොළට සහ කොළඹ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ අනිසි බාධා කිරීමට ලක්වූ මෙම මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රජයේ නිළ මාධ්‍යවේදී හැඳුනුම්පත දරණ අයෙක් බවයි.

එබැවින් ඔහුගේ රාජකාරි බාධාවකින් තොරව සිදුකිරීමට සහ සහයෝගය සලසා දීමට සියළු පාර්ශවයන්ගේ වගකීම බවට එම හැඳුනුම්පත මගින් රජය විසින් සහතික කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළා.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More