විදුලි සංදේශ කුළුණක් නිසා පීඩාවට පත්ව සිටින තැටිල්ලවල ජනතාව (වීඩියෝ)

Saturday, 11 July 2020 - 14:02

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බදුල්ල, කන්දෙකැටිය - තැටිල්ලවල ගම්මානයේ කඳුමුදුනක ඉදිකර තිබෙන විදුලි සංදේශ කුලුණක් හේතුවෙන් ගම්මානයේ ජනතාවගේ ජීවිත මෙන්ම දේපලවලටද හානි සිදුවන පුවතක් අපට වාර්තා වුණා.

ගම්වාසීන් ඉල්ලා සිටින්නේ වසර කිහිපයක සිට පවතින මෙම අවදානමෙන් තමන් මුදවාගන්නා ලෙසයි.

රතු මිනිත්තුවේ අද අවධානය ඒ පිළිබඳවයි.

කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම්ව පිහිටි තැටිල්ලවල ගම්මානයයි මේ.

2018 වර්ෂයේ දී මේ ගම්මානයේ කඳු මුදුනක විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමත් සමග ගම්මානයට අකුණුවලින් සිදුවන අනතුරු ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය මත ගම්වැසියන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි අවදානම් තත්ත්වයකටයි.

වැසි කාලය එළැඹීමත් සමග එම අවදානම තවත් උග්‍රවන බව ඔවුන් පෙන්වා දෙනවා.

එදිනෙදා ජීවිතය දැඩි පරිශ්‍රමයක් දරා සරි කරගන්නා තැටිල්ලවල ගම්මානයේ ජනතාව උපයාගත් සොච්චම් මුදලින් ගත් විදුලි උපකරණ බොහෝමයකට අද අත්ව ඇති ඉරණමයි මේ.

ඒ නිසා ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම විදුලි කුලුණ ඉවත් කර දෙන ලෙසයි.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More