ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය යයි

Saturday, 11 July 2020 - 14:18

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%AD+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පසුගිය මැයි මස 30 වන දා සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දැනට බන්ධනාරගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් අදාළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 31 හැවිරිදි කොටහේන සුපිරි වෙළදසැලක් අසළ දී බමුණූආරච්චිගේ රුක්ෂාන් හෙවත් උක්ෂාන් නැමත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ද සමගයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories