නියොමාල් රංගජීව සමාව අයදී (වීඩියෝ)

Saturday, 11 July 2020 - 15:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුට බාධා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අද සමාව අයැද සිටියා.

ඒ කොළඹ පොලිස් මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නඩු කටයුත්තක් සඳහා ඊයේ දිනයේදී කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඔහුගේ ඡායාරූපයක් ලබා ගෙන තිබුණා.

එහිදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව එම මාධ්‍යවේදියාගේ කමිසයෙන් ඇදගෙන අධිකරණ පරිශ්‍රයේ පිහිටි පොලිස් මුරපොල වෙත රැගෙන ගියා.

ඒ සම්බන්ධයෙන් ඡායාරූප මාධ්‍යවේදියා අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි පොලිස් මුරපොලට සහ කොළඹ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ද සිදුකරනු ලැබුවේ සෙසු මාධ්‍යවේදීන් ද සමඟයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ ඡායාරූප මාධ්‍යවේදියාට සිදුවූ බාධා කිරීම හෙළා දකින බවයි.

එමෙන්ම, සිද්ධියට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අද මඩකලපුව නගරයේදී විරෝධතාවකද නිරත වුණා.

මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් ද සිදුකළා.

කෙසේ වෙතත්, අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත් වන අතර, සමාව ද අයැද සිටින බවයි.