කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සහ වැඩිමහල් පුතුගේ ආශ්‍රිතයින් 300ක් ස්වයං නිරෝධායනයට

Saturday, 11 July 2020 - 15:20

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+300%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ඊයේ වාර්තා වූ අවසන් ආසාදිතයන් තුන් දෙනා අතර සිටි කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කළ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සහ ඔහුගේ වැඩිමහල් දරුවාගේ ආශ්‍රිතයන් 300 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව කියා සිටියා.