බොලිවුඩ් සුපිරි නලු අමිතාබ් බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි

Saturday, 11 July 2020 - 23:10

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%BD%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවෙකු වන අමිතාබ් බච්චන් කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මේවන විට මුම්බායි නුවර නනවාති රෝහලට ඇතුලත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ සමිබන්ධයෙන් අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිණුමේ ද  සටහනක් තබා තිබෙනවා.

එමගින් ඔහු ඉල්ලා ඇත්තේ ගතවූ දින 10 ක කාලය තුල තමා සමග සමීවප කටයුතු කළ පුද්ගලයන් ඉක්මනින් පරීක්ෂණවලට යොමුවන ලෙසටයි.