තවත් කොරෝනා ආසාදිතයන් 43ක් හමුවෙයි - ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2511ක් වෙයි

Sunday, 12 July 2020 - 6:15

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+43%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2511%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් 43 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

එම ආසාදිතයන්ගෙන් 13 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් වන අතර 30 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ තවත් ආශ්‍රිතයින් 5 දෙනෙකු ද ඊයේ හමුවූ ආසාදිතයින් අතර වනවා.

ඔවුන් පස් දෙනා අතර වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙන්ම රාජාංගනය, හබරාදුව සහ ලංකාපුර ප්‍රදේශවල පදිංචිකරුවන් 3 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් 04 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු සහ කුවේට් සිට පැමිණි පුද්ගලයෙකුද වනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතුරින් 1980 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 520ක්.