ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳී

Sunday, 12 July 2020 - 8:35

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B3%E0%B7%93
කොරෝනා වෛරසය, සුළු ප්‍රතිශ්‍යාවක් ලෙස හඳුන්වමින් මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රථමවරට ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැළඳ තිබෙනවා.

ඒ, වොෂිංටන් නුවර හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන සෙබළුන් හමුවීම සඳහා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදියි.

පසුව ධවල මන්දිරය නිවේදනය කළේ ජනපති ට්‍රම්ප් මුඛ ආවරණවලට එරෙහි පුද්ගලයෙකු නොවන අතර, ඒ සඳහා වේලාවක් සහ ස්ථානයක් පවතින බවට ඔහු විශ්වාස කළ බවයි.

කෙසේ නමුත් මීට පෙර ජනපති ට්‍රම්ප් මුඛ ආවරණ පළඳින සිය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අපහාසයට ලක් කළා.