ස්වයං රැකියා උත්පාදනයට පූර්ණ සහය ලබාදෙන බව ජනපති කියයි

Sunday, 12 July 2020 - 8:46

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය, දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය උපරිමයෙන් කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ - යටිනුවර - කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ජනතා අපේක්ෂා ඉටු කිරීමට තමාට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හේවාහැට - තලාතුඔය බස්නැවතුම අසල පැවති ජනහමුවේදී ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

යටිනුවර - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වූ ජනාධිපතිවරයාගෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ සියලූ පහසුකම් සහිත නගරයක් ලෙස කිරිබත්කුඹුර නගරය සංවර්ධනය කර දෙන ලෙසයි.

මහනුවර - බෝගම්බර සහ සෙංකඩගල ප්‍රදේශවල සංවිධාන කර තිබූ ජනහමුවලට ද එක්වූ ජනාධිපතිවරයා හේවාහැට - ගලහ නගරයේ පැවති ජනහමුවට එක්වෙමින් කියා සිටියේ වතු ජනතාව මුහුණපා ඇති ගැටලූවලට ඉහළම සතුටුදායක විසඳුම් ලබාදෙන බවයි.