අඟුලානේ වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

Sunday, 12 July 2020 - 8:56

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
මොරටුව - ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයාගේ සිරුර ඊයේ රාත්‍රියේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදි සිදුකිරීමෙන් පසු හිසට සිදුවූ වෙඩි වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

පෙරේදා රාත්‍රී 12.25 ට පමණ අඟුලාන පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් 3 දෙනෙකු හදිසි මාර්ග බාධයක් යොදවා මොරටුව - ලූනාව පාලම අසළදී ත්‍රිරෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අතරින් එක් අයෙක් පොලිස් රාජකාරියට බාධාකරමින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණා.

එහිදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.