ඩිස්නිලන්තය යළි ඇරේ

Sunday, 12 July 2020 - 9:24

%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B7%9A
කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ හි පිහිටි ඩිස්නිලන්තය ඊයේ නැවතත් මහජනතාව සඳහා විවෘත කෙරුණා.

ඒ සමඟම මුහුණු ආවරණ පැළඳි සිය ගණනක් ජනයා ඩිස්නි - විස්මලන්තය නැරඹීම සඳහා සමාජ දුරස්ථභාවය රකිමින් පෙළගැසී සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇතැම් අය සිය මුහුණු ආවරණ සමඟ ඩිස්නිලන්තයට ආවේනික මිකී මවුස්ගේ කන් පැළඳ සිටි බව සඳහන්.

ඩිස්නිලන්තය යළි විවෘත වූයේ ෆ්ලොරිඩා ඇතුලු ඇමරිකාවේ ප්‍රාන්ත රැසක කොරෝනා වෛරස් ආසාදිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබියදියි.

වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගියද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එය පාලනය කිරීමේ හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.