ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්

Sunday, 12 July 2020 - 10:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+28%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 28,637 ක් වාර්තාවී තිබෙනවා.

එය ඉන්දියාවෙන් මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව අටලක්ෂ 50,000 ඉක්මවනවා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ තවත් මරණ 551ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 22,500 ඉක්මවනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් පන්ලක්ෂ 34,000 කට වැඩි සංඛ්‍යාවක් මේි වනවිට සුවය ලබා තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරස් ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර නනවති රෝහලට ඇතුළත් කෙරුණු සුපිරි බොලිවුඩ් නළු, 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ ඔහුගේ 44 හැවිරිදි පුත් අභිෂේක් බච්චන්ගේ තත්වය ස්ථාවර බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.