සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාර පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන්

Sunday, 12 July 2020 - 13:35

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු පසුගිය දින කිහිපය තුළ වාර්තාවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළා.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාර පිළිබඳව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු වරදක් සිදුකර ඇති බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories