තවත් කඳුකර දිවියෙක් මද්දකට හසුවෙයි - දිවියා බේරා ගැනීමට වනජීවි නිලධාරින් දැඩි උත්සහයක (වීඩියෝ)

Sunday, 12 July 2020 - 13:37

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියෙකු හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය පවසනවා.

ගිනිගත්හේන - කනිල්වර්ක් වත්ත පළමු කොටසේ වතු නිවාස පේළියට පිටුපස ලඳු කැලෑවකදීයි මෙම දිවියා අද (12) අලුයම මද්දට හසුවී ඇත්තේ.

තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට දිවියා හසු වි ඇති අතර, එම සත්වයා නිර්වින්දනය කර බේරා ගැනීමට
අවශ්‍ය පියවර ගෙන ඇතැයි නල්ලතන්නිය වනජීවි කාර්යයාල නිලධාරීන් සඳහන් කළා.

එමෙන්ම තේ වතු ආශ්‍රිතව අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විටත් වතුකරය පුරා ආරම්භ කර ඇති බව ද ඔවුන් කියාසිටියා.

ගොදුරු සොයා තේ වත්තේ සැරිසරන දිවියන් පසුගිය කාලයේ මෙලෙස මදුවලට හසු වී සිටියදී ඉන් කිහිප දෙනෙකු මුදා ගැනීමට වනජීවි නිලධාරින් සමත් වු අතර මද්දට හසු වි සිටි කළු කොටියෙක් ඇතුළු තවත් දිවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයටද පත් වුණා.