covid-19 වර්තමාන තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය - පාසල් ඇතුලූ අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡාවකට බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවයි

Sunday, 12 July 2020 - 13:40

covid-19+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දිවයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ සඳහා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම මධ්‍යස්ථානය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ, පහත සඳහන් දුරකථන අංක සහ ෆැක්ස් අංක යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා.

ක්ෂණික ඇමතුම්- 1988
ෆැක්ස් අංකය 0112785818
Email- [email protected]

මෙම අංක අමතා විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු අධ්‍යාපන බළධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශයේ covid-19 සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් දිවයිනේ සියලු පළාත් කලාප හා කොට්ඨාස තුළ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ පාසල්වල අදාල තොරතුරු රැස්කර ගන්නා අතර, එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බලන බැවින් මෙම තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත් වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිළව මැදිහත් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටියේ.

මේ අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලූදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන අයහපත් තත්ත්වයක් ඇතිවුවහොත් දිවයිනේ සියලූම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවලට නැවත නිවාඩු ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්ද අද පස්වරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.