චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී

Sunday, 12 July 2020 - 14:02

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93
කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලැබූ එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂාවන් විදේශ රටවලදී සිදුකිරීමට සැළසුම් කෙරෙනවා.

එම ආයතනය සඳහන් කළේ ඒ සඳහා රුසියාව, බ්‍රසීලය, චීලී සහ සෞදි අරාබිය යන රටවල් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

එලෙස විදෙස් රටවල පරීක්ෂාවන් නුදුරේදීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ඒ සඳහා 40,000 ක් පමණ සහභාගි කරගැනීමට අපේක්ෂා කරන බවත් කැන්ෂිනෝ විධායක අධ්‍යක්‍ෂ කියු ඩොන්ෂු ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා ලොව පුරා රටවල් රැසක විද්‍යාඥයන් උත්සාහ කළද මෙතෙක් ඒ සඳහා නිල එන්නතක් අනුමත කර නැහැ.