කොකාවිල් 30 වන විරු සැමරුම (වීඩියෝ)

Sunday, 12 July 2020 - 14:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+30+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොකාවිල් 30වන ඓතිහාසික විරු සැමරුම ඊයේ දිනයට යෙදී තිබුණා.

මේ ඒ වෙනුවෙන් අප කළ සොයා බැලීමක්.

මෙරට යුද ඉතිහාසයේ බොහොමයක් පවතින්නේ ලෙයින් කදුලින් ලියවුණු කතායි.

කුරිරු ත්‍රස්තවාදය හමුවේ සිය රුදිරයෙන් හා ජීවිතයෙන් වන්දි ගෙවමින් මාතෘභූමිය එක්සේසත් කිරීමට උදාර රණවිරුවන් ලබා දුන් දායකත්වය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කිසිවෙකුටක් කිසිදා අමතක කළ නොහැකියි.

ඒ මන්ද එවන් උදාර කැපකිරීම් නොකරන්නට මේ මාතෘභූමිය තවමත් මරණයේ පාරාදිසයක් වන නිසායි.

1990 වසරේ යුද්ධය පැවති සමයේ කොකාවිල් ප්‍රදේශයෙන් වාර්තා වූයේ තවත් එවැනි සංවේදී කතාවක්.

උතුර දකුණ යා වුණු සන්නිවේදන මධ්‍යස්ථානය වූ කොකාවිල් එකල භාරව සිටියේ ලුතිනල් සාලිය අලදෙණිය මහතායි.

සෙබළුන් 63දෙනෙක් එහි සේවය කරනු ලැබුවා.

සැපයුම් මාර්ග තීරණය වූ මේ සන්නිවේදන කුලුණ එල්ගටීගටීගඊ ත්‍රස්තවාදීන් සිය ග්‍රහණයට ගන්නට උත්සාහ කළේ වරක් දෙවරක් නොවේ.

ඒ අනුව මේ සන්නිවේදන මධ්‍යස්ථානයට පළමු ප්‍රහාරය එල්ල වන්නේ 1985 වසරේදීයි.

එය සාර්ථකව ව්‍යාර්ථ වුවද දෙවන ප්‍රහාරය එල්ලවුයේ 1990 වසරේ ජුලි මස 11වනදායි.

එම දරුණු ප්‍රහාර හමුවේ තම දිවි පරදුවට තබා ත්‍රස්තවාදීන්ට එරෙහිව මිය යනතුරුම සටන් කරන්නටල ලුතිනන් සාලිය අලදෙණිය සමඟින් නොසැලී සිටින්නට කඳවුරේ සිටි අනෙක් රණවිරුවාද කටයුතු කළා.

දින 4ක් පුරාවට පැවති දරුණු සටන් හමුවේල සාලිය අලදෙණිය සමඟින් තවත් රණවිරුවන් 63 දෙනෙක් සිය දිවි පුදනු ලැබුවේ රට ජාතිය වෙනුවෙනුයි.

ඒ අනුව එම ජීවිත පූජාවල සම්ප්‍රේෂණාගාරය රැකගැනීමටත් වඩා ජාතියේල රට වැසියාගේ ජීවිත වෙනුවෙන් කළ දිවි පිදුමක් ලෙසිනුයි ඉතිහාසයට එක්වුණේ.

ඒ අසමසම දිවි පිදීම සිහිපත් කරමින් කොකාවිල් සැමරුවේ 30වන ඓතිහාසික විරු සැමරුම ඊයේ පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් පහන් දැල්වීමක්ද සිදුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories