ගොවීන්ගේ සිහින බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)

Sunday, 12 July 2020 - 14:38

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B3%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම.

නමුත් බලාපොරොත්තු නොවූ පරිදිල එලෙස සරු අස්වැන්නක් නොලැබී යනවා නම් එය කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද ?

එවැනිම තත්ත්වයකට මඩාටුගම ගම්වැසියන්ට මුහුණ පාන්නට සිදුව තිබෙනවා.

මහවැලි එච් කලාපයේ මඩාටුගම ගම්වැසියන් යල කන්නයේදී තම ජීවිකාව සපුරා ගැනීම වෙනුවෙන් තෝරා ගත්තේ උඳු වගාවයි.

මීට මාස කිහිපයකට පෙරාතුව ප්‍රදේශයේ මහවැලි ගොවි සංවිධානය මගින් ලබා දුන් උඳු බීජල අක්කර 100කට වඩා වැඩි භූමි ප්‍රදේශයක වගා කිරීමට ගම්මානයේ ගොවී පවුල් 70ක පමණ පිරිසක් කටයුතු කලේ අලුත් බලපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමින්.

සිය කන කර පවා උකසට තබමින්ල තිබූ සියලු සේසත වියදමි කරමින් ගොවීන් මෙවර උඳු වගාවට යොමු වුණේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟ පත්ව තිබූ ජීවන අරගලයෙන් මිදීම සඳහායි.

වන අලින් ඇතුළු වගාවට හානි කරන වන සතුන්ගෙන් මේ වගාව ආරක්ෂා කරගන්නට ගෙවීන් කටයුතු කළේ දිවා රෑ නිදි නොලබායි.

මාස කිහිපයක් ගතව ගොස් උඳු ශාකය සරුවට වැඩී ආවේ ගොවීන්ගේ බලාපොරොත්තු දෙගුණ තෙගුණ කරමින්.

ක්‍රම ක්‍රමයෙන් මල් හටගත් උදු ශාකයෙන් කිසිදු ඵලයක් හට නොගන්නා තත්ත්වයක් ඇති වූයේ ගොවීන්ගේ හීන සියල්ල බොඳ කරමින්.

මඩාටුගම ගම්වැසියන් චෝදනා කරන්නේ බලධාරීන් පැමිණ මේ පිලිබඳ සොයා බැලුවද අද දක්වාම මේ සදහා කිසිදු පිළියමක් ලබා නොදුන් බවටයි.

කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවයල ගොවියාගේ ජීවන තත්වය උසස් කිරීම ආදිය පිලිබඳව පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාවේ එකපෙළට කතා වුවද, මේ උඳු ගොවීන් මුහුණ පා සිටින අර්බුදය පිලිබඳව විසඳුම් ලබා දෙන්නේ කවුරුන්ද ?