තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි

Sunday, 12 July 2020 - 14:45

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 4දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඔවුන් 4 දෙනාම රාජාංගණය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 523දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 1981දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

එමෙන්ම, කොරෝනා ආසාදිතව සිටි තවත් එක් අයෙකු අද දිනයේදී පූර්ණ සුවය ලබා නිවෙස වෙත යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ද 1981 දක්වා ඉහළ ගියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories