උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)

Sunday, 12 July 2020 - 14:52

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂ ජන හමුවක් අමතමින් සඳහන් කළේ ජනතාව හොඳ අවබෝධයකින් දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවයි.

මේ අතර තමන්ට පරාජය කළ හැකි එක් රාජපක්ෂවරයෙකු පිළිබඳ සමගි ජන බලවේගයේ අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මැතිවරණ ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.

ඡන්දය ලබාගත් ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් හේතුවෙන් ඔවුන්ට තමන් ඡන්දය ලබාදුන් බවට ප්‍රකාශ කිරීමට ජනතාව ලැජ්ජාවන බවයි පොදුජන පෙරමුණේ අපේක්ෂක සිසිර ජයකොඩි කියාසිටියේ.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක බන්දුලාල් බණ්ඩාරිගොඩ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ වජිර අබේවර්ධනට චෝදනා කිහිපයක් එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories