මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළට

Sunday, 12 July 2020 - 16:03

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2605%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තවත් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු සොයා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2605 දක්වා ඉහළ ගියා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර කඳවුරට මාරු කළ රැදවියන් 76 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, ඉතිරි පිරිස සේනපුර කඳවුරේ මොවුන් සමඟ සිටි ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව අද දිනයේ මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94ක්.

දහවල් වාර්තා වූ ආසාදිතයන් 4 දෙනා රාජාංගණය ප්‍රදේශයේ පදිංචි ආසාදිතයාගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.