කල්ලිවලට අවවාදයක් ලබා දෙමින් යාපනයේ දැන්වීම් අලවලා

Monday, 13 July 2020 - 7:02

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B7%8F
යාපනය ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතන කිරීම්, මංකෝල්ලකෑම් හා කපා කොටා දැමීම් සිදුවීම් නවතා දැමිය යුතු බවට සඳහන් කරමින් යාපනය හා අරියාලෙයි යන ප්‍රදේශවල ඊයේ(12) ස්ථාන කිහිපයක දැන්වීම් අලවා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ "ආදරණීය දෙමළ ජනතාවනි" යනුවෙන් සඳහන් කරමින් අදාළ දැන්වීම අලවා ඇති අතර, දැන්වීම අවසානයේ N.G.T යනුවෙන් සඳහන්කර ඇති  බවයි.

පසුගිය වසර කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවු ඝාතනය කිරීම්, මංකෝල්ලකෑම් හා කපා කොටා දැමීමේ සිදුවීම් නවතා දැමිය යුතු බවට අදාළ දැන්වීමේ සඳහන් බවත්, මින් ඉදිරියට එවැනි ක්‍රියාවන් සිදුනොවී දෙමළ ජනතාවට සතුටින් හා නිදහසේ ජීවත්වීමට අවස්ථාව සළසන බවත් එහි සඳහන් බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසනවා.

යාපනය ආරක්ෂක සැක පළකරන්නේ යාපනය කල්ලි සාමාජිකයන් වෙත අවවාදයක් ලබාදෙමින් අදාළ දැන්වීම අලවා ඇති බවයි.

පසුගිය සමයේ යාපනය දිස්ත්‍රික්කය තුළ ආවා කල්ලිය, වික්ටර් කල්ලිය, අජිත් කල්ලිය, ධනු රොක් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් විසින් පුද්ගල පහරදීම් සිදුකිරීම, පුද්ගල බිය වැද්දීම වැනි ක්‍රියාවන් සිදුකළ බවද ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ අදාළ කල්ලි සාමාජිකයින් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගැනීමද සිදුකළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories