තැපැල් ඡන්දය අදින් ඇරඹේ - රාජාංගණයේ තැපැල් ඡන්දය කල් දැමේ

Monday, 13 July 2020 - 8:03

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වනවා.

ඒ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි.

කෙසේ වෙතත්, රාජාංගණය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ අනුරාධපුර - රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ අද දිනයේ තැපැල් ඡන්දය නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, සෙසු ප්‍රදේශවල දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මහමැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා දින 7ක් වෙන් කර ඇති අතර, ඒ අනුව, අද,හෙට, අනිද්දා සහ 16, 17 මෙන්ම 20, 21 යන දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා යන දිනවලදී සිදුකෙරෙනවා.

පොලිස් ස්ථානවල, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි 16 සහ 17 වනදායි.

එම දිනවලදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ජුලි මස 20 සහ 21 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

මේ අතර, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීමක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙවර මහමැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හත්ලක්ෂ 5085ක් සුදුසුකම් ලබා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories