කසළ තේ කිලෝ 700 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 13 July 2020 - 9:00

%E0%B6%9A%E0%B7%83%E0%B7%85+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+700+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සීදූව - කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම් 700 ක් සමඟ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී කසළ තේ පැකට් කරමින් සිට ඇති අතර, එහි තිබී කිලෝ 35 බැගින් වූ පැකට් විස්සක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 සහ 51 යන වයස්වල පසුවන ජාඇළ සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories