ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)

Monday, 13 July 2020 - 9:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව ගිනි ගැනීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

නාවිකයන් 17 දෙනෙකු සහ සිවිල් වැසියන් හතරදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගිනිගැනීම සිදුවන අවස්ථාවේ නෞකාව තුළ නාවිකයන් සහ නිලධාරීන් 160 දෙනෙකු සිට ඇති බව සඳහන්.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ යූ.එස්.එස්. බොන්හෝම් රිචර්ඩ් නම් නෞකාව වන අතර, එහි ගුවන් යානා ගොඩබැස්සවීමටද හැකියාව පවතිනවා.