අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

Monday, 13 July 2020 - 10:09

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


විදේශ රටකට පලාගොස් සිටින අංගොඩ ලොක්කාගේ සමීපතමයින් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේදී මත්කුඩු සමඟ අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු ගයාන් දර්ශන හෙවත් ගයියා නමැත්තෙකු වන අතර, ඔහු 2019 වසරේ අගෝස්තු මස 25 වනදා හංවැල්ල ප්‍රදේශයේදී පස් ව්‍යාපාරිකයෙකු වූ සුමේධ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවා.

අනෙක් පුද්ගලයා නදීක සේපාල දහනායක හෙවත් රන් කෑල්ල ලෙස හඳුන්වන පුද්ගලයෙකු වන අතර, ඔහු පෙතියාගොඩ සංඛ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේද ගෝලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු 2018 වසරේදී පොලීසිය අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර ඇත්තේ අත්බෝම්බයක්, රිවෝල්වරයක්, ටී - 56 වර්ගයේ පතොරම් 10ක්, ගෑස් මුහුණු ආවරණයක් හා කේරළ ගංජා කිලෝ 2ක් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙනවිත් තිබෙනවා.