දකුණු මුහුදේ දී ධීවර යාත්‍රා දෙකක් අනතුරක

Monday, 13 July 2020 - 14:33

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
වැලිගම - කප්පරතොට සහ වැලිගම - පැලෑන මුහුදේ ධීවර කටයුතු වල නිරත යාත්‍රා දෙකක් දිය රැළකට හසුව අනතුරට පත්ව තිබෙනවා.

එම යාත්‍රා දෙකේ සිටි ධීවරයන් හයදෙනෙකු අද (13) උදෑසන නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊයේ (12 ) පස්වරුවේදි වැලිගම, කප්පරතොට සහ වැලිගම, පැලෑන ප්‍රදේශ වලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය කුඩා ධීවර යාත්‍රා දෙකක් අද (13) උදෑසන නැවත ගොඩබිම දක්වා පැමිණෙමින් සිටින අතරතුර දිය රළකට හසුවී මෙලෙස අනතුරට ලක්වුණා.

අනතුරට පත් වූ ධීවර යාත්‍රා  මේ වනවිට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.


 


ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More