දකුණු මුහුදේ දී ධීවර යාත්‍රා දෙකක් අනතුරක

Monday, 13 July 2020 - 14:33

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
වැලිගම - කප්පරතොට සහ වැලිගම - පැලෑන මුහුදේ ධීවර කටයුතු වල නිරත යාත්‍රා දෙකක් දිය රැළකට හසුව අනතුරට පත්ව තිබෙනවා.

එම යාත්‍රා දෙකේ සිටි ධීවරයන් හයදෙනෙකු අද (13) උදෑසන නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊයේ (12 ) පස්වරුවේදි වැලිගම, කප්පරතොට සහ වැලිගම, පැලෑන ප්‍රදේශ වලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය කුඩා ධීවර යාත්‍රා දෙකක් අද (13) උදෑසන නැවත ගොඩබිම දක්වා පැමිණෙමින් සිටින අතරතුර දිය රළකට හසුවී මෙලෙස අනතුරට ලක්වුණා.

අනතුරට පත් වූ ධීවර යාත්‍රා  මේ වනවිට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.


 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories