කහවත්තේදී රන් පවුම් 30ක මංකොල්ලයක් (වීඩියෝ)

Monday, 13 July 2020 - 16:08

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+30%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කොවිල අසළ වෙළෙද සැලකට කඩා වැදුනු දෙදෙනෙකු ගිණි අවියකින් වෙඩි තබා එම වෙළෙද සැලේ සිටි මව සහ පුතු බියගන්නවා පවුම් තිහක රන් භාන්ඩ කොල්ලාකා පලාගොස් තිබෙනවා.

අද (13) පෙරවරු 10.30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි කහවත්ත පොලිසිය ප්‍රකාශ කළේ.

වෙළෙදසැලේ සිටි මව සහ පුතු පළදා සිටි රන් මාල මෙලෙස කොල්ලකා ඇති අතර එහි වටිනාකම ලක්ෂ 30කට ආසන්න බවයි සඳහන් වන්නේ.

යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා සතුව තුවක්කුවක් සහ මන්නා පිහියක් තිබූ බව වෙළෙදසැලේ සිටි මව සහ පුතු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

වෙළෙදසැල පවත්වාගෙන ගිය කාන්තාවගේ ගෙලට පිහියක් තබා පසුව වෙළෙදසැල ඉදිරිපිට දි අහසට වෙඩ්ල්ලක් තබා බිය ගන්වා ඇති බවයි පොලිස් පරික්ෂණවලදි හෙළිවී තිබෙන්නේ.

රන් මාල තුනක් කොල්ලකා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සහ කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂණ පවත්වනවා.


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 2:13

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට... Read More

ත්‍රිකූණාමලයෙන් සමගි ජන බලවේගයට ආසන දෙකක්
Friday, 07 August 2020 - 2:09

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන... Read More

සියලු දිස්ත්‍රික්කවල සමස්ත ඡන්ද ප්‍රතිඵල නිකුත්වී අවසන්
Friday, 07 August 2020 - 1:49

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සියලු දිස්ත්‍රික්වල සමස්ත... Read More