කහවත්තේදී රන් පවුම් 30ක මංකොල්ලයක් (වීඩියෝ)

Monday, 13 July 2020 - 16:08

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+30%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කොවිල අසළ වෙළෙද සැලකට කඩා වැදුනු දෙදෙනෙකු ගිණි අවියකින් වෙඩි තබා එම වෙළෙද සැලේ සිටි මව සහ පුතු බියගන්නවා පවුම් තිහක රන් භාන්ඩ කොල්ලාකා පලාගොස් තිබෙනවා.

අද (13) පෙරවරු 10.30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි කහවත්ත පොලිසිය ප්‍රකාශ කළේ.

වෙළෙදසැලේ සිටි මව සහ පුතු පළදා සිටි රන් මාල මෙලෙස කොල්ලකා ඇති අතර එහි වටිනාකම ලක්ෂ 30කට ආසන්න බවයි සඳහන් වන්නේ.

යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා සතුව තුවක්කුවක් සහ මන්නා පිහියක් තිබූ බව වෙළෙදසැලේ සිටි මව සහ පුතු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

වෙළෙදසැල පවත්වාගෙන ගිය කාන්තාවගේ ගෙලට පිහියක් තබා පසුව වෙළෙදසැල ඉදිරිපිට දි අහසට වෙඩ්ල්ලක් තබා බිය ගන්වා ඇති බවයි පොලිස් පරික්ෂණවලදි හෙළිවී තිබෙන්නේ.

රන් මාල තුනක් කොල්ලකා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සහ කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂණ පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories