මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Monday, 13 July 2020 - 16:31

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 36 දෙනා ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

2019 වසරේ ජනවාරි මස මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදුපිළිමවලට හානි කර තිබූ අතර, මෙම සැකකරුවන්ගෙන් 16 දෙනෙකු කෑගල්ල බන්ධනාගාරයේත්, ඉතිරි පිරිස පල්ලෙකැළේ බන්ධනාගාරයේත් රදවා සිටිනවා.