මද්දෙන් මුදාගත් කඳුකර ගැහැනු දිවියා සමනල ස්භාවික රක්ෂිතයට (වීඩියෝ)

Monday, 13 July 2020 - 17:16

%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



ගිනිගත්හේන කෙනිල් වත්තේ ලඳු කැලෑවක අටවා තිබු මද්දකට හසු වි සිට මුදාගත් පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා වනජිවි නිලධාරින් විසින් සමනල ස්භාවික රක්ෂිතයට මුදාහැරි බව වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.

ඒ දිවියා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අද දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සතුන් දඩයම් කිරිම සදහා එම වතු යායේ වතු කම්කරුවෙක් විසින් අටවා තිබු මන්දකට අවුරුදු 6 ක් පමණ වයසැති හොදින් වැඩුණු මෙම ගැහැනු දිවියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ, පශු වෛද්‍යය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගය මත නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් විසින් මුදාගනු ලැබුවා.

මද්දට හසු වී සිටි දිවියාට බාහිර තුවාල කිසිවක් නොතිබුණද මද්දට හසු විමෙන් පසු දිවියා බේරි යාමට උත්සහ කිරිම නිසා උදරයේ තැලිම් තිබීම හේතුවෙන්  දිවියා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කෙරුණා.