සැමියාට පොල්ලකින් පහරදුන් බිරිඳ අත්අඩංගුවට

Monday, 13 July 2020 - 17:37

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තම සැමියාට පොල්ලකින් පහරදී තුවාල සිදු කළ බිරිඳක් කටුනායක පොලිසිය මගින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක් දරු මවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකාරිය එල්ල කරන ලද පොලු පහරින් හිසට සිදු වූ තුවාල හේතුවෙන් සැකකාරියගේ සැමියා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දෙදෙනා අතර ඇති වූ ආරවුලකදි සැකකාරිය මෙසේ සැමියාට පොල්ලකින් පහරදී ඇති බවත් කටුනායක පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.