රැහැන් රහිත වෙද නලාව ජනපති අතට (වීඩියෝ)

Monday, 13 July 2020 - 17:55

%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%AF+%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



උසස් පෙළ ශිෂ්‍යයෙක් තමා විසින් නිර්මාණය කළ රැහැන් රහිත වෙද නලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කළා.

ඒ ජනාධිපතිවරයා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගිය අවස්ථාවේදීයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටින වෙනුර විජේසේකර සිසුවා විසින් මෙම නව නිර්මාණය කර තිබෙනවා

මෙමගින් දුරස්ථභාවය රකිමින් රෝගීයා පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට අවස්තාව හිමිවනවා.

එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.